June 25, 2012

ඇන්ඩ්‍රොයිඩ්ටත් සිංහල කියලා දෙමුද..?

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අලුත් යමක් ගෑන.කවුරු කවුරුත් දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් ගැන.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරන අයට සින්හල දාගන්න විදිය තමා මේ....
දැනට ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත Android OS එක . දැන් අපි වැඩේට බහිමුකෝ.ඔයාලාට Android වල තියෙන English වලට අමතරව සිංහල Fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වගේ පේන වචන මේකෙන් සිංහලෙන්ම කියවන්න පුලුවන්. සිංහල දාගන්න පහත් ක්‍රමය අනුගමනය කරන්න 1.මුලින්ම සිංහල font එකක් බාගන්න.(ඔයාලට කැමති සිංහල font එකක් මෙ වෙනුවට දාගන්න පුලුවන්.ඒත් ගොඩාක් ගැලපෙන්නේ aKandynew font එක) 2.පසුව මේ font එක “DroidSansMono.ttf ” ලෙස rename කර SD card එකේ save කරගන්න(Folders ඇතුලට දාන්න එපා) 3.ඊට පසු Terminal Emulator ගෙන පහත් code එක ඇතුලත් කරන්න. ඔබේ දුරකථනයේ මෙම App එක නැතිනම් මෙතනින් ලබා ගන්න. su (then wait for the superuser screen and press yes) mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system chmod 4755 /system/fonts/DroidSansMono.ttf dd if=/sdcard/DroidSansMono.ttf of=/system/fonts/DroidSansMono.ttf reboot (සැ.‍යු- Case sensitive ) දැන් phone එක reboot වෙයි.ඊට පස්සේ කොටුවට තිබ්බ වචන සිංහලෙන් ඔයලට කියවන්න පුලුවන් වෙයි. බලන්නකො වෑඩේ ගොඩද කියලා...

අපිම Folder Lock එකක් හදා ගනිමු


අපිටම කියලා දන්න කියන විදියට Folder Lock එකක් හදන හැටි මං අද ඔයාලට කියල දෙනවා
මුලින්ම Note Pad එකක් Open කර පහත කේතය Copy කරගෙන ඒකෙ Paste කරන්න.

Quote: cls
@ECHO OFF
title Folder Private
if EXIST “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p “cho=>”
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
attrib +h +s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p “pass=>”
if NOT %pass%== 12345 goto FAIL
attrib -h -s “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}”
ren “Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}” Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private Folder created successfully <MP©>
goto End
:End

මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ  Password එක ලබාදෙන්න .
ඒ කිවුවේ 12345 වෙනුවට  ඔයාල කැමති අංකයක්/වචනයක් ලබා දෙන්න.

දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස
දැං Locker එක Click කර බලන්න Private ලෙස Folder එකක් සෑදේවි.
අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
බලන්න Private  Folder එක අතුරුදහන්වෙලා තියෙයි .
ආයේ Private  Folder එක ගන්න ඕනනම් , Locker නම තියෙන එක Click කර ඒකට ඔයාලා දුන්න Password එක ලබාදී Enter කරන්න .

ට්‍රයි කරලාම බලන්නකෝ...

June 24, 2012

20MB ට වැඩි ෆයිල් යවන විදිය..


20MB ට වැඩි ෆයිල් යවන විදිය..


මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
මෙතන click කරන්නකෝ බලන්න
එතකොට එයි මෙන්න මෙහෙම Window එකක්


ලොග් වෙන්න එකවුන්ට් හදන්න ඕන නෑ.කිසි කරදරයක් නෑ.ඔයාගේ e-mail එක type කරා.යාලුවගේ e-mail එක type කරා.අප්ලෝඩ් කරා.යැව්වා.
වැඩේ එච්චරයි..දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb හොදේ..

June 21, 2012

DNS වෛරස් එක ගැන දන්නවද?

DNS වෛරස් එක ගැන දන්නවද?


DNS Changerනම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල භාවිතා කරන්නන් වෙත පැතිරී ගොස් තිබේ.
මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.
එහෙයින් ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට අපව ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ ( Redirect ).
ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.මේ වන විට ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.


ඔබගේ පරිගණකයේ මෙම වෛරසය ඇත්දැයි දැනගැනීමට මෙම Link එකෙන් යන්න..


එහි " DNS Resolution = GREEN " ලෙස ඇත්නම් ඔබගේ පරිගණකයට එම වෛරසය ඇතුලත් වී නොමැත.


" DNS Resolution = RED " ලෙස නම් ඔබගේ පරිගණකය එම වෛරසයට මේ වන විට ගොදුරු වී ඇත..

June 17, 2012

OCR එකක් use කරමුද?

අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ සුපිරි භාණ්ඩයක් ගැන..(අපේ වැද්දා,සජියා,පරක්කුවා,මාල්,පොන්ටි වගේම මතක් නොකරම බැරි බලයා ඇතුලු පිරිසට කියපු සොෆ්ට්වෙයාර් එකක් තමා මේ.)
මේකෙන් කරන්නේ අපි පින්තූර විදියට දෙන අකුරු කරන්න පුලුවන් විදියකට හදන එක.
ඒ කිව්වෙ අපි ස්කෑන් කරලා හරි ෆොටෝ එකක් අරන් හරි දෙන ඩොකියුමන්ට් එකක් වර්ඩ් වගේ කරලා දෙන එක.
මේකෙ නම තමා ABBYY FineReader.නම වගේම වැඩත් fine තමා.කස්ටියම අරගෙන බලන්නකෝ...


මේක සෑහෙන ලොකු නිසා ටොරන්ට් එකක් තමා දෙන්නේ.දන්නවනේ ටොරන්ට් download කරන විදිය?

Download කරගන්න මෙන්න මෙතන click කරන්න.

ආයෙත් දවසක තවත් ගැජමැටික් එකක් අරන්  හම්බවෙමු හොදද?
කලින් ඒවටත් කොමෙන්ටුවක්වත් නැති එක ගැන දුකයි.එත් මක් කොරන්නද.තාම පටන් ගත්තා විතරනේ...

ZTE MF100 අන්ලොක් කරමුද?

මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. දැන් ඔය Dialog එකෙන් දෙන්නේ. අන්න ඒ මොඩම් එක.කලින් දුන්න E153 unlock කරන විදිය ඊයේ කිව්වනේ.. Most DC Unlocker එකෙන් තමයි මේක කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker වගේම zte mf100 firmware update.
ඔය දෙක බා ගන්න මෙතන Click කරන්නකෝ.(මුරපදය "askmadu" තමා)
බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි. modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE MF100 unlocker[technicalunmadaya.blogspot.com] කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.

එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. මේකට ලැප්ටොප් එකක් හෝ UPS තියෙන computer එකක් use කරන එක තමා හොද..මොකද current ගියොත් dongle එකට බඩු..


 Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි.
ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. ඩොන්ගල් එක ගොඩ තමා ඉතින්.
මමත් දෙක තුනක්ම කරා ගින්දර වගේ.. එහෙනම් ඉතින් කට්ටියටම ටටා බායි.. අයෙත් දවසක හම්බවෙමුකෝ..
 Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදද?

June 15, 2012

Driver Genius Professional



ඔන්න මම මේ පාර දෙන්න යන්නේ තවත් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් අය පාවිච්චි කරලත් ඇති. Driver Genius Professional 11 වලින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තියෙන හාර්ඩ්වෙයාර් වලට අදාලව තියෙන අලුත්ම ඩ්‍රයිවර්ස් හොයාගන්නත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන අප්ඩේට් කරන්නත්. ඒ වගේම ඉන්ස්ටෝල් නොකරපු හාර්ඩ්වෙයාර් එහෙම තියෙනවා නම ඒවාට අදාල ඩ්‍රයිවර්ස් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

මෙන්න ලින්ක් එක..දන්නවනේ පාර්ස්වර්ඩ් එක?(askmadu)

ඉන්ස්ටෝල් කරගන්නත් හරිම පහසුයි. සිරියල් නම්බර් එක ඉල්ලද්දී එක දෙන්න දීලා ක්‍රැක් ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරගන්න. එහෙනම් කට්ටියම ඩවුන්ලෝඩ් කරගෙන ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරගන්නකො.කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...


Huawei E153 ඩොන්ගල් එක අන්ලොක් කරමුද..?



සමහර කට්ටිය කියනවනේ අපිට නම් පුලුවන් ඩොන්ගල් අන්ලොක් කරන්න අරකද මේකද කියලා..ලොකු ලොකු ටෝක් තිබුණට එහෙම කියන සමහරු ඇත්තටම දන්නවද කියන එකත් හොයල බලන්න වටින දෙයක්..ඒකෙන් මේකෙන් වැඩක් නෑනෙ අපිට.අපි වැඩේ පටන් ගමුකෝ..
ඉතින් අමුණලා කරලා මම අද කියල දෙන්න යන්නේ Huawei E153 ඩොන්ගල් එකක් අන්ලොක් කරන්නේ කොහොමද කියලා..
මුලින්ම කියන්න ඕන මේක මහ ලොකු වැඩක් නෙමේ කියන එක..හරියට වැඩේ කරගන්න පුලුවන් කියලා හිතෙනවනම් විතරක් කරන්න.මොකද වැරදුණොත් ඩොන්ගල් එක අපරාදේ..
එහෙනම් අපි වැඩේ පටාන් ගමු..
මුලින්ම මේ දෙක භාගත කරගන්න..
http://www.mediafire.com/?m6au59242aqozin
http://www.mediafire.com/?k3fbavinrluhzni
(Password - askmadu)


1st Step:
මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලාගන්න,
නැත්තං mobile partner eke Tools > Diagonastic > save to text file
මුලින්ම Flash කෝඩ් එකයි unlock කෝඩ් එකයි හොයාගන්න ඕන.
ඒකට
මේකේ # මාර්ක් වෙනුවට ඔයාලාගෙ මොඩම් එකේ IMEI නම්බර් එක ගහලා මේ url එකට යන්න
http://bb5.at/huawei.php?imei=###############
හොයාගත්ත Flash කෝඩ් එකයි unlock කෝඩ් එකයි save කරලා තියාගන්න ඒක පස්සේ ඕනි වෙනවා.


2nd Step:
භාගත කරගත්තු Firmware upgrade 1 run කරන්න
ඒකෙදි Flash කෝඩ් එක අහයි ඒක හරියට දෙන්න

3rd Step:
ඒකට ටික වෙලාවක් යයි..ඒක ඉවර වුනාම අනිත් එක run කරන්න
ඒකෙදි Please Select Com port click කරලා port එක තෝරලා දෙන්න
පස්සේ detect>accept>unlock modem click කරන්න පිළිවෙලට...
එතකොට unlock කෝඩ්  එක අහයි ඒක හරියට දුන්නම ගොඩම තමා..

කියන්න අමතක වුනා මේකට ලැප්ටොප් එකක් හෝ UPS  තියෙන computer එකක් use කරන එක තමා හොද..මොකද current ගියොත් dongle එකට බඩු..

තවත් දෙයක් මෙකෙන් warrenty void වෙනවා කියලා කියනවා.එත් ඇත්තටම වෙන්න firmware එක upgrade වීමක්..මට තේරෙන විදියට නම් warranty void වෙන්නෙ නෑ...

එහෙනම් කට්ටියම එකතු වෙලා දාමුද බලන්න comment එකක්?






සමාරම්භය

ඔන්න ඉතින් හා හා පුරා කියලා මමත් බ්ලොග් කෙරුවාවට අත ගැහුවයි කියලා කියමුකෝ.මෙච්චර දවසක් මූණු පොතේ කට්ටියට පාඩම් කියලා හිතත් රිද්දගෙනම තමා මේ පැත්ත බැලුවේ..
කතාන්දරෙ පස්සේ කියන්නම්කෝ..
තාම ස්ටාර්ට් එකක් ගත්තා විතරනේ..