July 19, 2012

Google Drive


External drive කිව්වම ඉතින් අපිට පට් ගාලා මතක් වෙන්න පොඩි පහේ ගැජමැටික් එකක්නේ.ඉතින් එහෙම එකක් ගන්න අඩු ගානෙ 10000ක් වත් අතෙ තියෙන්න එපැයි.අපි වගෙ ජොබ් කට්ටක් වත් නොකරන අය ගැන හිතලා Google දුන්නු මේක බලන්නකෝ..
මේකෙන් ක්ලවුඩ් ක්‍රමයට තොරතුරු ගබඩා කිරීමටත්, එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ වීමත් කියන පහසුකම් දෙකම අපිට ලැබෙනවා.
ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතනට  ගිහිල්ලා පුරුදු පරිදි ඊමේල් ,පාස්වර්ඩ් යොදා Sign in වෙන එක.

එහිදි විවෘත වන පිටුවේ Download Google Drive For PC ක්ලික් කිරීමෙන් ගූගල් ඩ්‍රයිව් වැඩසටහන ඔබගේ පරිඝනකයට ඉන්ස්ට්‍රෝල් කරගන්න පුලුවන්

ඉන්ස්ටෝල් වුනාට පස්සේ ලැබෙන window එකේ  ඊමේල් සහ පාස්වර්ඩ් දීලා ආයෙමත්  Google Drive වලට sign වෙන්න

පස්සේ  Getting Started බොක්ස් එකේ Next click කරලා Start sync click කරන්න. එතකොට My Document තුල Google Drive නමින් ෆෝල්ඩර් එකක් හැදෙනවා.
මේ folder එකට කියන්නෙ sync folder කියලා.අපි ඒකට දාන හැමදේම Google drive එකට upload වෙනවා.අපිට internet නැත්තම් අපි internet ගිය වෙලාවක එයා upload කරගන්නවා..
බලන්නකෝ හොදද කියලා..

2 comments:

  1. තේරෙන්නෑ. ටිකක් පැහැදිලි කරනවද?

    ReplyDelete