June 21, 2012

DNS වෛරස් එක ගැන දන්නවද?

DNS වෛරස් එක ගැන දන්නවද?


DNS Changerනම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල භාවිතා කරන්නන් වෙත පැතිරී ගොස් තිබේ.
මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.
එහෙයින් ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අපට අවශ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට අපව ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ ( Redirect ).
ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කිරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.මේ වන විට ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.


ඔබගේ පරිගණකයේ මෙම වෛරසය ඇත්දැයි දැනගැනීමට මෙම Link එකෙන් යන්න..


එහි " DNS Resolution = GREEN " ලෙස ඇත්නම් ඔබගේ පරිගණකයට එම වෛරසය ඇතුලත් වී නොමැත.


" DNS Resolution = RED " ලෙස නම් ඔබගේ පරිගණකය එම වෛරසයට මේ වන විට ගොදුරු වී ඇත..

No comments:

Post a Comment