June 17, 2012

ZTE MF100 අන්ලොක් කරමුද?

මං අද කියන්න යන්නේ ZTE MF100 HSDPA Modem unlock කරන හැටි. දැන් ඔය Dialog එකෙන් දෙන්නේ. අන්න ඒ මොඩම් එක.කලින් දුන්න E153 unlock කරන විදිය ඊයේ කිව්වනේ.. Most DC Unlocker එකෙන් තමයි මේක කරන්නේ ඒත් zte mf100 unlock කරත් වෙන සිම් එකක් දාපු ගමන් ආයෙත් ලොක් වෙනවා. ඒකට මෙන්න විසදුම මේක කරන්න ඔයාලාට ඕන වෙනවා Most DC Unlocker වගේම zte mf100 firmware update.
ඔය දෙක බා ගන්න මෙතන Click කරන්නකෝ.(මුරපදය "askmadu" තමා)
බාගෙන ඉවර වෙලා මෙන්න මේ විදියට කරන්න හරිම ලේසියි. modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE MF100 unlocker[technicalunmadaya.blogspot.com] කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.

එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. මේකට ලැප්ටොප් එකක් හෝ UPS තියෙන computer එකක් use කරන එක තමා හොද..මොකද current ගියොත් dongle එකට බඩු..


 Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. එතකොට modem එක Detect කරයි.
ඊට පස්සේ Unlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න. ඩොන්ගල් එක ගොඩ තමා ඉතින්.
මමත් දෙක තුනක්ම කරා ගින්දර වගේ.. එහෙනම් ඉතින් කට්ටියටම ටටා බායි.. අයෙත් දවසක හම්බවෙමුකෝ..
 Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදද?

No comments:

Post a Comment