June 15, 2012

Huawei E153 ඩොන්ගල් එක අන්ලොක් කරමුද..?



සමහර කට්ටිය කියනවනේ අපිට නම් පුලුවන් ඩොන්ගල් අන්ලොක් කරන්න අරකද මේකද කියලා..ලොකු ලොකු ටෝක් තිබුණට එහෙම කියන සමහරු ඇත්තටම දන්නවද කියන එකත් හොයල බලන්න වටින දෙයක්..ඒකෙන් මේකෙන් වැඩක් නෑනෙ අපිට.අපි වැඩේ පටන් ගමුකෝ..
ඉතින් අමුණලා කරලා මම අද කියල දෙන්න යන්නේ Huawei E153 ඩොන්ගල් එකක් අන්ලොක් කරන්නේ කොහොමද කියලා..
මුලින්ම කියන්න ඕන මේක මහ ලොකු වැඩක් නෙමේ කියන එක..හරියට වැඩේ කරගන්න පුලුවන් කියලා හිතෙනවනම් විතරක් කරන්න.මොකද වැරදුණොත් ඩොන්ගල් එක අපරාදේ..
එහෙනම් අපි වැඩේ පටාන් ගමු..
මුලින්ම මේ දෙක භාගත කරගන්න..
http://www.mediafire.com/?m6au59242aqozin
http://www.mediafire.com/?k3fbavinrluhzni
(Password - askmadu)


1st Step:
මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලාගන්න,
නැත්තං mobile partner eke Tools > Diagonastic > save to text file
මුලින්ම Flash කෝඩ් එකයි unlock කෝඩ් එකයි හොයාගන්න ඕන.
ඒකට
මේකේ # මාර්ක් වෙනුවට ඔයාලාගෙ මොඩම් එකේ IMEI නම්බර් එක ගහලා මේ url එකට යන්න
http://bb5.at/huawei.php?imei=###############
හොයාගත්ත Flash කෝඩ් එකයි unlock කෝඩ් එකයි save කරලා තියාගන්න ඒක පස්සේ ඕනි වෙනවා.


2nd Step:
භාගත කරගත්තු Firmware upgrade 1 run කරන්න
ඒකෙදි Flash කෝඩ් එක අහයි ඒක හරියට දෙන්න

3rd Step:
ඒකට ටික වෙලාවක් යයි..ඒක ඉවර වුනාම අනිත් එක run කරන්න
ඒකෙදි Please Select Com port click කරලා port එක තෝරලා දෙන්න
පස්සේ detect>accept>unlock modem click කරන්න පිළිවෙලට...
එතකොට unlock කෝඩ්  එක අහයි ඒක හරියට දුන්නම ගොඩම තමා..

කියන්න අමතක වුනා මේකට ලැප්ටොප් එකක් හෝ UPS  තියෙන computer එකක් use කරන එක තමා හොද..මොකද current ගියොත් dongle එකට බඩු..

තවත් දෙයක් මෙකෙන් warrenty void වෙනවා කියලා කියනවා.එත් ඇත්තටම වෙන්න firmware එක upgrade වීමක්..මට තේරෙන විදියට නම් warranty void වෙන්නෙ නෑ...

එහෙනම් කට්ටියම එකතු වෙලා දාමුද බලන්න comment එකක්?






2 comments: