July 19, 2012

Google Drive


External drive කිව්වම ඉතින් අපිට පට් ගාලා මතක් වෙන්න පොඩි පහේ ගැජමැටික් එකක්නේ.ඉතින් එහෙම එකක් ගන්න අඩු ගානෙ 10000ක් වත් අතෙ තියෙන්න එපැයි.අපි වගෙ ජොබ් කට්ටක් වත් නොකරන අය ගැන හිතලා Google දුන්නු මේක බලන්නකෝ..
මේකෙන් ක්ලවුඩ් ක්‍රමයට තොරතුරු ගබඩා කිරීමටත්, එම තොරතුරු වෙනත් සේවා සමග සම්බන්ධ වීමත් කියන පහසුකම් දෙකම අපිට ලැබෙනවා.
ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතනට  ගිහිල්ලා පුරුදු පරිදි ඊමේල් ,පාස්වර්ඩ් යොදා Sign in වෙන එක.

එහිදි විවෘත වන පිටුවේ Download Google Drive For PC ක්ලික් කිරීමෙන් ගූගල් ඩ්‍රයිව් වැඩසටහන ඔබගේ පරිඝනකයට ඉන්ස්ට්‍රෝල් කරගන්න පුලුවන්

ඉන්ස්ටෝල් වුනාට පස්සේ ලැබෙන window එකේ  ඊමේල් සහ පාස්වර්ඩ් දීලා ආයෙමත්  Google Drive වලට sign වෙන්න

පස්සේ  Getting Started බොක්ස් එකේ Next click කරලා Start sync click කරන්න. එතකොට My Document තුල Google Drive නමින් ෆෝල්ඩර් එකක් හැදෙනවා.
මේ folder එකට කියන්නෙ sync folder කියලා.අපි ඒකට දාන හැමදේම Google drive එකට upload වෙනවා.අපිට internet නැත්තම් අපි internet ගිය වෙලාවක එයා upload කරගන්නවා..
බලන්නකෝ හොදද කියලා..

July 9, 2012

laptop බැටරිය බාවිතා කරන නිවැරදි ක්‍රමය

දැනට හැමකෙනෙක්ම වගේ  laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරෝපනය නොකිරීම (සිංහලෙන් කියනවා නම් චාජ් නොකිරිම) නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශවේ...
(අවසානයේ කොම්පැනිය සහ වෙළඳසැල කුනුහරුපයැන් බැනුම් අසයි)

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?
2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක් ආරෝපණය කල හැකිද?
3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
4. සම්පුර්ණයෙන්ම ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ධ කර පාවිච්චි කිරීම වරදක්ද?
5.බැටරිය ගලවලා කෙලින්ම කරන්ට් එකට ගහලා පාවිච්චි කරාට කමක් නැද්ද?

මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු
මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා
අපි බලමු මේ ගැන ඇත්ත නැත්ත මොකක්ද කියලා?

මෙන්න theory part එක

1. තාපය (රස්නය)
උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ.

කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න)
 උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.
 වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය.
 ලැප් එක කූල් වෙන්නෙ ඒකෙ යට තියන පොඩි කවුලු වලින් සිද්ද වෙන වාත සන්සරනයෙන් ඒ වාකවුලු වැහුනම තමයි ලැප් ගොඩක් රත් වෙන්නෙ  (ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය).
 තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )
 මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.

2. විසර්ජනය- (සිංහලෙන් කියනවා නම් Discharge)

බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ.
 එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය.
 උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ
 මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය.

 පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය.
 සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය.
 මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න.
 මේ ක්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න.

 අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න.

3. ගබඩා කිරීම -
 දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න.
 මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)


ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා අතන මෙතන කියලා තියෙන්නෙ

 1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?  +  2. බැටරියක් දල වශයෙන් කොපමණ වාර ගණනක ආරෝපණය කල හැකිද?----

full discharge වීමට පෙර charge කරන්න
(00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ)

දැන් බාවිතා වන ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත
ඒක නිසා බක පණ්ඩිතයන් කියන ඒවා අහන්න යන්න එපා


3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
කැමති ගානක් charge කොර ගනින් මට මොකෝ මගෙ නෙමේන :D
ගණන් ගන්නෙපා පොඩි ජෝක් පාරක් දැම්මෙ..කැමති ගානක් කරන්න පුළුවන්

4.සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

ඔව් හේතු කීපයක් තියනවා
අ)බැටරිය රත් වෙන එක
ආ) මෙහෙම උනාම charge සහ discharge දෙකම එකපාර වෙන නිසා හොද නැතිලු
ඇ)නිකන් වැඩිපුර කරන්ට් නාස්ති වෙනවා
ඉ)charger 1ke ආයු කාලය අඩු වෙනවා
ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery sensers (පවා) පිච්චෙනවා

වැරැද්දක් තියනවා නම් කියන්න හොදේ

අන්තිමට කියන්නම ඕන මේවා මගේ අත්දැකීම් එක්ක ම්මත් copy කර ගත්ත ඒවා+ අහුලගනිපු දේවල්